Ezone Lanka IT Blog

Ezone Lanka IT Blog

PHP While Loop |PHP පංතිය|
Written by Jeewana Silva   

මේ අපේ 19 වන පාඩමයි. While Loop ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ. ඉතාමත් ලේසි පාඩමක් තමයි මේ While Loop කියන්නේ. හැබැයි පාඩම පටන් ගන්න කලින් කියන්න ඕනි මේ පාඩමේදි නිතරම අපිට කතා කරන්න ලැබෙන දෙයක් තමයි Conditions. ඉතින් අපි Conditions ගැන දීර්ඝ ලෙස ඉගෙන ගත්තා PHP Operators පාඩම් වලදී. ඉතින් ඒ නිසා මම මෙතනදී ඒ ගැන වැඩිදුර කතා කරන්න යන්නේ නෑ.

මොකක්ද මේ Loop කියන්නේ?
Loop එකක් කියන්නේ නැවත නැවත යෙදීමක්. තවත් විදියකට කිව්වොත් යම්කිසි දෙයක් කීප වතාවක් කිරීම. Loop කියන්නේ Programing වලදී ඉතාම අවශ්‍ය අංගයක්. Loop වර්ග කීපයක් තියෙනවා. While loop එකට අමතරව for loop, foreach loop හා do  while loop.අපි මේවා ගැන සවිස්තරව ඉදිරි පාඩම් වලදී ඉගෙන ගන්නවා.

 
PHP Array තුන්වන කොටස - Multi Diamentional Array |PHP පංතිය|
Written by Jeewana Silva   

පි පසුගිය පාඩමෙන් කතා කලා Associative array ගැන. ඉතින් දැන් අපි ඉගෙන ගන්න යන්නේ Multi diamentional Array ගැනයි. මේ පාඩම ටිකක් සංකීර්ණ වුනත් පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන්. හොඳට කියවලා අවබෝධ කර ගන්න.

මොකක්ද මේ Multi diamentional Array කියන්නේ?
බොහෝම සරලවම කිව්වොත් "Array එකක් ඇතුලේ තවත් Arrays ගබඩා කිරීමයි". ඒ කියන්නේ මේ තාක් කල් අපි ඉගෙන ගත්තේ Array එකක් අතුලේ values විදියට simple variables ගබඩා කර ගන්න ආකාරයනේ. දැන් කරන්නේ Array එකක් ඇතුලේ Variable සමූහ වශයෙන් ගබඩා කල හැකි ආකාරය ඉගෙන ගැනීමයි.

 
PHP Array දෙවන කොටස - Associative array |PHP පංතිය|
Written by Jeewana Silva   

පි පසුගිය පාඩමෙන් කතාකලා Numeric Array ගැන. Array Index ගැනත් ඉගෙන ගත්තා. හරි දැන් අපි ඉගෙන ගන්න යන්නේ PHP Associative array ගැනයි.හොඳයි. අපි එහෙනම් පටන් ගමු නේද? මෙන්න බලන්න මම ගන්නවා පොඩි උදාහරණයක්. හිතන්න ගෙදරක ඉන්න සාමාජිකයො ටිකක් ගැන. තාත්තා, අම්මා, දුව සහ පුතා. මේ අයගේ වයස පිළිවෙලින් 46, 42, 24 සහ 19 කියල හිතමුකෝ. මම කියනවා ඔයාලට මේ වයස් අගයන් ටික අරගෙන $family කියල array එකක් හදන්න කියලා. ඉතින් මොකද කරන්නේ? ඔයාලා ලේසියෙන්ම වැඩේ කරයි.මෙන්න මේ විදියට.

$family = array ("46","42","24","19");
 
PHP Array පලමු කොටස |PHP පංතිය|
Written by Jeewana Silva   

ගොඩක් දෙනෙක් හරි බයයි මේ Array කියන වචනෙට.ඒත් හරියට ඉගෙන ගත්තොත් මේක බොහොම simple වැඩක්. ඔයාලට මතක ඇති අපි හත්වන පාඩමේ variable ගැන කතා කලා. variable එකක් හදන විදිය, ඒකට යම් කිසි අගයක් assign කරන විදියත් කතා කලා මතක ඇති. variable එකෙන් කලේ යම් කිසි අගයක් ගබඩා කරලා විවිධ වැඩ සඳහා ඒ vaiable එක ප්‍රයෝජනයට ගැනීමයි. හොඳින් හිතට ගන්න, අපිට variable එකට දාගන්න පුලුවන් වුනේ එක අගයයි. $x=10 කියලා ගත්තොත් $x කියන variable එක ඇතුලේ තියෙන්නේ 10 විතරයි. ඒත් අපිට අවශ්‍ය වෙනවා අගයන් කීපයක් ගබඩා කරල තබා ගන්න පුලුවන් Variable එකක් හදාගන්න. ඉතින් පුලුවන් වෙයිද එහෙම කරන්න. ඔව්, පුලුවන්. ඒක තමයි array එක. "අගයන් කීපයක් ගබඩා කරලා තියාගන්න පුලුවන් variable එකකට තමයි අපි array එකක් කියලා කියන්නේ".

Arrays වර්ග තුනක් තියෙනවා.
  1. Numeric Arrays
  2. Associative Array
  3. Multidimensional Array

මුලින්ම අපි Numeric Arrays ගැන ඉගෙන ගනිමු.හරි, මෙන්න බලන්න Numeric Array එකක් හදන විදිය.

 
මගේ අලුත් Job එක... මුහුද මැද... මෙන්න පලමු අත්දැකීම...
Written by Sanka Silva   

ඇත්තටම මේක මගේ හීනයක් වෙලා තිබුන දෙයක්. ඉතින් ඒ හීනේ සැබෑ  කරගන්න මට පුලුවන් වුනා. ඒකේත් පුදුමේ කියන්නේ මුහුද සම්බ්න්ධ රස්සාවක්ම ලැබුන එකයි. මේක ගොඩක් අයට නැති අවස්ථාවක්. එත් පෙර පිනකටද කොහෙදෝ මට මේ රස්සාව හම්බවුනා. මේක නැව් සම්බන්ධ රස්සාවක්. මේකේ හොඳම වැඩේ කියන්නේ කරන්න තියෙන්නේ විදේශිකයෝත් එක්ක.  ඒක නිසා පොඩ්ඩක් වැඩේ අමාරුයි. ඒත් හරිම ආතල් වැඩේ.මම ඉතින් මේ කියන්න යන්නේ මගේ මුහුදු මැද ජීවිතයේ අත්දැකීමක් ගැන. මේක 2011 දෙසැම්බර් මස 07 වන දින සිද්ධියක්. එදා මමයි,තවත් company එකේ අයියා කෙනෙකුයි තමයි වැඩේට ගියේ. උදේ පාන්දර 05.00 ට විතර අපි office ඒකෙන් පිටත් උනා. උදේ 7ට විතර විදේශිකයෝ  කට්ටියකුත් අරගෙන අපි ගාල්ලේ වරායට ගියා. එහේට යන්න අපිට ගියේ පැය එකහාමාරක් විතර තමයි.මොකද ඉතින් දැන් highway එක තියෙනවනේ. ඒක නිසා හරිම ලේසී.අපි වරායට යන ගමන් ගාල්ලේ Navy Camp එකෙන් තුවක්කුත් අරගෙන තමයි යන්නේ. අපි උදේ 11.00 ට විතර නැවට යන්න බෝට්ටුවේ නැග්ගා.ඒ බෝට්ටුවනම් පොඩ්ඩක් හෙමින් යන්නේ. එත් ඉතින් අවුලක්නම් නෑ. ඒ බෝට්ටුවේ නම Commandor 3.

 
Media Player Classic එකට subtitle දමමු
Written by Sanka Silva   

ඔන්න මම A/L ඉවර වුන ගමන් ආයි වැඩේට බැස්සා. ඒකේ ආරම්භයේදීම මට ලැබුන අත්දැකීමක් ගැනතමා මම මේ ඔයාලට කියන්න යන්නෙ.ඔන්න ඉතින් මම දැන් කියන්න යන්නේ චිත්‍රපටියක් බලන්න මම කාපු කට්ට්ක් ගැන. අයියෝ මට චිත්‍රපටියත් එපා උනා.ඇත්තටම මම බලන්න ගියේ 430mb (mkv) චිත්‍රපටි කොපියක්. ඒක බලන්න මම යොදා නොගත්තු player එකක් නෑ.
එත් ඉතින් කොහෙද ආසාවටවත් එකකවත් play කරන්න බැරිඋනා. මම ගොඩක් කල්පනා කරා, අදහසක් නැතිමපාර මම හිතුවා අයියගෙන් අහන්න. මම මේ ප්‍රශ්නේ ගැන අයියගෙන් ඇහුවම අයිය මට කියුවේ media player classic කියන player එක ගැන,
ඇත්තටම ඒක පට්ට පරන player එකක්. ඒ දවස්වල අපි windows 95,98 වල පාවිච්චි කරපු media playerඑක. මටනම් කිසිම විශ්වාසයක් තිබුනේ නැ ඒක ගැන. කෝකටත් මම ඒක download කරගත්තා. ඒක 2mb වගෙ කුඩා ප්ලයෙර් එකක්. කිසිම විශ්වාසයක් නැතුව මම ඒක install කරලා play කරා. මාර වැඩේ කියන්නේ ඒක play වුනා. මට අදහගන්නත් බෑ. මොකද අච්චර අලුත් player වල play උනේ නැති එක මේකේ පටස් ගාල play වුනා. මට ඒ වෙලාවේ තමයි තේරුනේ පරන දෙවල් වලට කරන්න පුලුවන් වැඩ අද අලුත් ඒවටවත්  කරන්න බැ කියලා.

 
මෙන්න online mp3 cutter එකක්

මෙන්න මට නියම mp3  Cutter එකක් හම්බ උනා.සමහර වෙලාවට අපිට Phone එකට දා ගන්න mp3 එකක අවශ්‍ය කොටස විතරක් cut කර ගන්න ඕනි වෙනවා .ඒ වැඩේට නම් මෙන්න නියම භාන්ඩය.හරිම ලේසියි.මෙන්න බලන්න.

 

අකුරු ලොකු කරන්න

මූනු පොතේ අපේ සෙට් එක

 


You are here  : Home

සිංහල බ්ලොග් කියවනය

www.hathmaluwa.org